අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැලකින් පහර දීම හේතුවෙන් මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ දැරියක් මියගොස් තිබෙනවා. නව හැවිරිදි දැරියක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
මීගහවත්ත ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තාවන අතර අදාළ ශාන්තිකර්මය සිදුකළ කාන්තාවක් මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ දැරිවියගේ පවුලේ අය අදෘශ්‍යමාන බලවේග හේතුවෙන් ආබාධයට ලක්ව ඇතැයි කියමින් ශාන්ති කර්මයක් සිදුකරගැනීමට ගොස් ඇති අතර ශාන්ති කර්මය අතරතුර තෙල් සත්කාරයක් සහ වේවැලකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී දැරිවිය සිහසුන් වී ඇති අතර පසුව දැරිවිය බියගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වන විටත් දැරිවිය මියගොස් තිබූ බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.