ධාවනය වෙමින් තිබු බසයකට යට කොට පුද්ගලයෙකු ඝාතනය කළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

February 27, 2021 at 2:19 PM

මහනුවර උඩුවෙල මාර්ගයේදී බස්රථයකට යටකිරීමට සලස්වා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (26) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

මහනුවර උඩවෙල මාර්ගයේදී වෑන් රථයකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී වෑන් රථයේ සිටි තරුණයෙකුට පහරදී එම තරුණයාව මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් දෙසට තල්ලු කර මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක උඩුවෙල ප්‍රදේශයේම පදිංචි තරුණයෙක්.