මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මිතුරන් 06 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් සමග නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ ඇති ඔවුන් ඊයේ දිනයේදී කුඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කර තිබෙනවා. රාත්‍රියේදී වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා කුඩාරමෙන් පිටව ගිය එම තරුණයා යලි නොපැමිණීම නිසා සෙසු මිතුරන් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.
පසුව පොලිසිය සහ යුද හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අදාළ තරුණයාගේ සිරුර ප්‍රපාතයේ වැටී තිබී සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.