රුපියල් කෝටි එකහමාරකට අධික හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් සමඟ කාන්තාවක ඇතුළු දෙදෙනෙකු දෙහිවල සහ රාගමදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙනතිබෙනවා.
ගෝනහේන විශේෂ කාර්ය බලකා බුද්ධියක එකට ලද තොරතුරකට අනුව ඊයේ පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබුණා.
රාගම ප්‍රදේශයේ සිදු කරල ද වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් අතර දෙහිවල ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබාදී තිබෙනවා.