බැංකු විසින් පනවා ඇති අසාධාරණ ගාස්තු ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනපතිට ලියයි

February 26, 2021 at 10:34 AM

ණය පියවීමේදී බැංකු විසින් පනවා ඇති ඇතැම් අසාධාරණ චෝදනා ඉවත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේ ණය ගෙවීමේ කාල සීමාවට පෙර එය පියවා දැමීමේදී ඇතැම් බැංකු විසින් දඩ මුදලක් අය කරන බවයි.

එමෙන්ම කල් පිරීමට පෙර ණය පියවීම සඳහා බැංකු විසින් පොලී අනුපාතයක් ද ගණුදෙනුකරුවන් ගෙන් අය කරන බවයි මෙහිදී සිය ලිපියෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එබැවින්, මුල් කාලීන පියවීමේ ගාස්තුව ඉවත් කරන ලෙසත්, මුල් කාලීන ණය පියවීමේදී අය කරන පොලී අනුපාත අඩු කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.