කොවිඩ් මරණ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අද මුද්‍රණයට

February 25, 2021 at 9:03 PM

මුස්ලිම් කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක් එය දැනුම් දුන් බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.