බෞද්ධ විහාර හා දේවාලගම් පනතට අත තබන්නේ නැහැ : බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීමේ නීති සංශෝධනය කරන්න පියවර ගෙන අවසන් – අධිකරණ ඇමති (VIDEO)

February 25, 2021 at 1:27 PM

තමන් අධිකරණ ඇමතිවරයා වශයෙන් සිටිනතාක් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට අත තැබීමට බලාපොරොත්තුවක් හෝ සිතුවිල්ලක් නොමැති බවත් සිංහල බෞද්ධ ජනතාවගේ පාරිම්පරික අයිතිවසිකම්වලට එරෙහිව විරුද්ධව නීති ගෙන ඒමට කටයුතු නොකරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීම සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා ද දැනටමත් පියවර ගෙන ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම අධිකරණ ඇමතිවරයා වශයෙන් ඉන්නකම් බෞද්ධ විහාර හා දේවාලගම් පනතට අත තියන්නවත් අපේ බලාපොරොත්තුවක් නෑ. හීනෙන්වත් හිතලවත් නෑ. අපි හැමෝම පිළිගන්නවා. මේක අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති, බෞද්ධ ශිෂ්ඨාචාරය මත පදනම් වෙච්ච රටක්. මේ රටේ පුළුවන්ද සිංහල බෞද්ධ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම්වලට විරුද්ධව මට නීති ගේන්න. මම එච්චර මෝඩයෙක් නෙමෙයි නේ. නොවැම්බර් වෙනකොට මුස්ලිම් නීතිය සංශෝධනය සඳහා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. පොදු ස්ථානවල මුහුණු ආවරණය කිරීම නොකළ යුතුයි කියලා, ඒක එක ප්‍රජාවක් ඉලක්ක කරගෙන නෙමෙයි තීරණය කළේ. රටේ ආරක්ෂාව ගැන හිතලා.”