ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට බත්තරමුල්ලේ සීලරත්න හිමියන් නාමයෝජනා භාර දෙයි (VIDEO)

February 24, 2021 at 2:09 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරය සඳහා තරඟ කිරීමට පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අද සිය නාමයෝජනා භාර දෙනු ලැබුවා.

උතුරු පළාතේ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් උන්වහන්සේ නාමයෝජනා භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර ඇති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්නහිමියන් නිව්ස්වයර් වෙත තහවුරු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සඳහා ලබන මැයි 20 වන දින නව නිලධාරි මඩුල්ලක් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණය මැයි මස 20 වෙනිදා දින පෙරවරු 10.30 සිට කොළඹ -07 හි ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටි ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.