46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රිලංකාව සම්බන්ධ අන්තර් ක්‍රියාකාරී විවාද ය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී අටට පමණ ඇරඹීමට නියමිතයි.
මේ සඳහා අදහස් දැක්වීමට රටවල් සහ සංවිධාන 40ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී ඇත.
ජගත් මානව හිමිකම් මහකොමසාරිස් වරිය ලංකාවේ මාන හිමිකම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවේ කරුණු මූලික කර ගනිමින් මෙම විවාදය පැවැත්වේ.
මේ වනවිට මෙරට මානව හිමිකම් සම්බන්ධ යෝජනාවකුත් සභාගත කර ඇති අතර ඒ පිලිබද නිල නිවේදනයද මෙම සැසිය අතරවාරයේ සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය දින දෙක තුල පැවැති ඉහල මට්ටමේ සාකච්ඡා වටයේදී බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් වරයා ලංකාවට එරෙහි යෝජනාව ගැන අදහස් පළකළේය.
කෙසේ වෙතත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය අදහස් දැක්වීමේදී ත්‍රස්තවාදී කටයුතු පිලිබඳව දැඩි විවේචන එල්ල කළ අතර මෙවර ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය වැදගත් මට්ටමකට පත් ව ඇති පසුබිමක ඔහු පළකළ අදහස් මෙරටට හිතකාමී බව විදෙස් විචාරක මතය වී තිබේ.
ඉහළ මට්ටමේ සංවාදයට එක් වෙමින් දිනේශ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා ද පැවසුවේ මානව හිමිකම් කොමිසම සිය බලතල සීමාවන් ඉක්මවා ගොස් ලංකාවට නගා ඇති චෝදනා පදනම් විරහිත බවයි.
එබැවින් ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනා පරාජය කිරීමට සහය වන ලෙස ඔහු ලෝක ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.