සුව වූ පවිත්‍රා කොවිඩ් මර්දන සාකච්ඡාවක.

February 24, 2021 at 5:48 AM

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (23) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

කොවිඩ් වෛරසය පාලනය හා මැඩපැවැත්වීම මූලික කරගනිමින්, පසුගිය කාලය තුල ක්‍රීයාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙල, පී.සී.ආර් පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය අවධානය යොමු කරන ලදි.

මෙම සාකච්ඡාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන කාලය තුල ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබූ බවත්, එලෙස ආශිර්වාද පුද පූජා පවත්වමින් ශක්තිය ලබාදුන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු සියළු දෙනාට සිය ස්තූතිය පුද කරන බවයි.

ඡායාරූපය : News.lk