කාදිනල් හිමියන් දැඩි ස්ථාවරයක. දේශපාලනඥයින් හමුවීම ප්‍රතික්ෂේප කරයි.

February 22, 2021 at 5:45 PM

කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය කර තිබේ.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බව කාදිනල් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර ඇත.

අගරදගුරු ලේකම් කාර්යාලය පැවසුවේ ඒ හේතුවෙන් මාර්තු මස 02 දිනට යෙදී තිබූ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කතෝලික මන්ත්‍රීවරුන් හා අගරදගුරු හිමිපාණන් අතර හමුවද කල්දමා ඇති බවය.

කතෝලික මන්ත්‍රීවරුන්මෙන්ම ජී එල් පීරිස් අමාත්‍යවරයා ද කාදිනල් හිමියන් සමග පාස්කු කොමිසමේ අවසන් වාර්තාවගැන සාකච්ඡා කිරීමට ඇති සැලසුමක් ගැන පවසා තිබිණි.