T -56 වර්ගයේ ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු ඊයේ උදෑසන ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීවරයෙකු තහවුරු කර ඇත්තේ.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ උදෑසන 10.40 ට පමණ මෙම ජීව උණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේදී එහි ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ.
මෙම සිදුවීම වන අවස්ථාව වනවිට කටුනායක ගුවන් තොටුපළ තුළ පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.
පොලිස් අත්අඩංගුවට පත් වූ මෙම පොලිස් නිලධාරීවරයා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
( නෙත් එෆ්එම් වෙබ් අඩවියෙන්)