මිකී ආතර් සහ ලහිරු තිරිමාන්නට කොරෝනා ආසාදනය වෙයි

February 3, 2021 at 4:51 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ ක්‍රීඩක ලහිරු තිරිමාන්න හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 35 දෙනෙකු ගෙන් සමන්විත පුහුණු සංචිතය සඳහා ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වලදී මොවුන්ට වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇත.

ඒ අනුව මිකී ආතර් සහ ලහිරු තිරිමාන්න ප්‍රතිකාර සඳහා රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ඉකුත් ජනවාරි මස 28 වෙනිදා ආරම්භ කළ පුහුණු සැසිවාරය කාණ්ඩ 03ක් යටතේ වෙනස්ම කාල සීමාවන් තුල සිදුකිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් පියවර ගනු ලැබ තිබෙනවා. ඒ ආරක්‍ෂිත පියවරක් ලෙසයි .