ගුරුවරුන්ට ත් එන්නත් ප්‍රමුඛතාව දෙන්නැයි අධ්‍යාපන ඇමති කියයි.

January 29, 2021 at 2:39 PM

 

 “කොවිඩ් එන්නත ලබාදීමේ දී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස
රජයෙන් ඉල්ලීමක් කරනවා”
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව බස්නාහිර පළාතේ  අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට  පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක අද (29) දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්  ඔහු මේ බව පැවසීය .

එ මෙන්ම  දරුවන් සමඟ දිනපතා ගැටෙන පිරිසක් ලෙස කොවිඩ් එන්නත ලබාදීමේ දී අපේ ගුරු පරපුරට ප්‍රමුඛතාවක් ලබාදීම ඉතා සාධාරණ කරුණක් බව ද ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමා රජයෙන් ඉල්ලීමක් කරන බව ද සඳහන් කළේය.