ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් , ඩ්‍රෝන්,බැලුන්,සරුංගල් කොළඹ අහසට එපා!

January 28, 2021 at 5:19 PM

මේ දිනවලජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් ගුවන් යානා කොළඹ අහසේ වඩාත් පහළින් ගමන් කෙරෙන බැවින් ලබන 4වැනිදා දක්වා සැලකිල්ලෙන් පසුවන ලෙස ශ්‍රීලංකා ගුවන් හමුදාව කොළඹ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව එම කාලය තුළ බැලුන, ඩ්‍රෝන යානා සහ සරුංගල් අහසට යැවීමෙන් වළකින ලෙසයි දැනුම් දෙන්නේ.