මහා බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් වෛරස ප්රභේදයන් සඳහා සිය එන්නත සාර්ථක බව ඇමෙරිකානු ‘මොඩර්නා’ එන්නත්සමාගම අද පැවසීය.
බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය දරුණු විය ඇකි බවට හා එහි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා අනතුරුඇඟවීමක් කලේ පසුගිය සෙනසුරාදායි.
එම වෛරස ප්‍රභේදය මේවන විට යුරෝපා කලාපය ඇතුලුව රටවල් 60කට වඩා පැතිරෙන බව වාර්තා වේ.
දකුණු අප්‍රිකාවෙන් පැතිර යන වෛරස ප්‍රභේදය ද සැලකිය යුතු මට්ටමේ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.
එන්නත් සමාගම් එම නව ප්‍රභේද දෙක සඳහා සිය එන්නත් බලගැන්විය හැකිද යන්න පරීක්ෂා කරනුලබන්නේ මෙවන් තත්ත්වයක් හමුවේයි.