සිමෙන්ති රැගත් නෞකාවක් කිරින්ද මුහුදේදී ගල් පරයක ගැටෙයි

January 23, 2021 at 4:05 PM

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති රැගෙන එමින් තිබු නෞකාවක් මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික දී සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙම නෞකාව අනතුරට ලක්වී ඇත්තේ යාල වනෝද්‍යානයේ පිහිටි ඉලුක්පට්ටි තුඩුව ප්‍රදේශයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් වූ කුඩා රාවනා ප්‍රදීපාගාරයට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී බවයි නාවික හමුදාව සඳහන් කර සිටින්නේ.

මෙම නෞකාව නොගැඹුරු මුහුදු කලාපයට පැමිණ ඇති බවත් එහිදී මෙම නෞකාව මුහුදේ තිබෙන ගල් පරයක වැදෙන්නට ඇති බවයි දැනට සැකපළ කරන්නේ.

මේ වන විට නාවික හමුදාව එම ස්ථානය අසලට සිය යාත්‍රා යොමු කොට ඇති බවද වාර්තා වනවා.