පුතු සිහිකර සංවේදී වෙමින් බයිඩ්න් වොශිංටන් බලා පිටත් වේ!

January 20, 2021 at 5:49 AM

ජනාධිපති ධූරයේ කටයුතු කිරීම සඳහා ඩෙලවෙයා ප්‍රාන්තයේ සිට වොශිංටන් බලා පිටත් වීමට පෙර ජෝ බයිඩන් සිය ප්‍රාන්ත වාසීන් අමතා සංවේදී වූයේය.

තමා මියගිය පසුත් ඩෙලවෙයා ප්‍රාන්තයසිය හදවතේ ලියාතැබෙනු ඇතිබව ඔහු සඳහන් කළේය.

වයස අවුරුදු 45දී මියගිය සිය පුතු සිහිකළ බයිඩ්න් පැවසුවේ ඔහු ඇමෙරිකානු ජනපති වීමේ ඉලක්කයක් සහ හැකියාවක් තිබූ විශිෂ්ඨයෙකු බවය.

අනතුරුව බයිඩ්න් සහ බිරිඳ ජිල් බයිඩ්න් රැගත් යානය වොශිංටන් බලා පැමිණි අතර එහි ලින්කන් චතුරස්‍රය ඉදිරිපිට දී ඔහු කොවිඩ් වසංගතයෙන් මියගිය ඇමෙරිකානු වන් ලක්ශ හතරක් වෙනුවෙන් පැවැති සැමරුමට එක්විය. එහි පහන් 400ක් දල්වා තිබුණේ ඔවුන් වෙනුවෙනි.

බයිඩ්න් සිදුකල සංවේදී කථාව පහලින් නරඹන්න