පාස්කු කොමිසමේ වාර්තාව ලබන 31 !

January 19, 2021 at 10:17 PM

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම එහි සාක්ශි විමසීම අද අවසන් කළේය.

සාක්ශි 450කට අධික සංඛ්‍යාවක් විමසා ඇති අතර එහි අවසන් වාර්තාව ලබන 31දා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිත බව වාර්තාවේ.

2019 අප්‍රේල් 21 දා ප්‍රහාරය සිදුවූ වහාම එවක ජනපති මයිත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කල මෙම කොමිසම හමුවේ ඒ මහතා, එවක අග්‍රාමාත්‍යවරයා ඇතුලු ආරක්ෂක අංශ සහ දේශපාලන නියෝජිතයන් රැසක් සාක්ශි ලබාදුනි.

කොමිසමේ අතුරු වාර්තාවක් එම වසරේම  අප්‍රේල් 30දා නිකුත් කළ  අතර හිටපු පොලිස්පති වරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනුනේ එම වාර්තාව අනුවයි.