අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබේ.
එය පරික්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවය.
එහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙන් මෙම පළිඟු මැණික අනෙක් පළිඟුවලට වඩා දුර්ලභවන බව ඔවුන් පැවසීය.
මෙය දුර්ලභ පාෂාණයක් වන බැවින් එහි වටිනාකම ඉහළ අගයක් ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේය.
පළිඟු මැණිකෙහි මූල්‍යමය වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ.