අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිලිබඳ සම්බන්ධිකරණ ලේකම්ට කොරෝනා

January 10, 2021 at 6:50 PM

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කුමාරසිරි හෙට්ටිගේ කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

ජනවාරි මස 08 වැනිදා කුමාරසිරි හෙට්ටිගේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට  පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් කිහිපදෙනකු සිටින බව හදුනාගෙන ඇත.

එම ආශ්‍රීතයින් නිරෝධායනට යොමු කිරීමට සහ PCR පරීක්ෂාවන්ට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිදු බාධාවක් නැති අතර රාජකාරි කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යනු ලබන බවයි වේතධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටින්නේ.