යාපනය සරසවියේ පිහිටි ස්මාරකය ඉවත් කලේ ඇයි ? නිල පැහැදිලි කිරීම (VIDEO)

January 9, 2021 at 6:31 PM

යාපනය විශ්ව විද්‍යාල භුමියේ ඉදිකර තිබු මුල්ලිවයික්කාල් ස්මාරකය ඉවත් කිරිමට එම විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටිනවා.

යුද්ධය අවසන් වන විට දැනට විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන දරුවන්ට වයස අවුරුදු 9-10ක් ලෙස පැවති බවත් මෙවැනි ස්මාරක මගින් හෙට දවසේ සිංහල දමිළ දරුවන් අතර අසමගිය ඇතිවීමට ඉඩ නොතැබිමක් ලෙස එම ස්මාරකය ඉවත් කිරීමට උපකුලපතිවරයා විසින් පියවර ගෙන ඇති බවයි මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කළේ.