පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් තමන් ඇතුළු පස් දෙනා පලා ගියේ එම මධ්‍යස්ථානයේ ආරක්ෂාවට කිසිවෙකු නොසිටි මොහොතක බව වසන්ත කුමාර හෙවත් ‘ගැටයා’ නමැත්තා ආරච්චිකට්ටුව පොලිසියට ප්‍රකාශ කර ඇත.
ආරච්චිකට්ටුව පිහිටි බැංකුවකට සිය මිතුරකු සමග යමින් සිටියදී පොලිස් නිලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබුණි.
මොහු පොලිසියට දී තිබූ කටඋත්තර පිළිබඳව ‘දිවයින’ පුවත්පත විසින් සිදුකළ විමසීමකදී ආරච්චිකට්ටුව පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.
ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය කොරෝනා රෝගීන් පස් දෙනාගෙන් මේ වනවිට දෙදෙනකු පොලිස් භාරයට පත්වී ඇති අතර තවත් තිදෙනෙකු තවමත් නිදැල්ලේ පසු වේ.
( දිවයින පුවත්පත)