ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදීන් කඩා වදින අවස්ථාවේ ඔවුන් අතරට මැදිව තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකුත් තුවාල ලබා මිය ගියේය.
ඒ අනුව එම කැළඹිල්ලෙන් මිය ගිය ගණන පහකි.
බ්‍රයන් සිග්නික් නම් එම පොලිස් නිලධාරීයාගේ මරණය ගැන පරීක්ෂණයක් ද අරඹා ඇති අතර ඇමෙරිකානු උප ජනාධිපති මයින් පෙන්ස් ශෝක පණිවුඩයක් ද ට්විටර් මගින් ප්‍රකාශයට පත් කළේය.
මේ අතර එම සිද්ධිය අතරතුර කැපිටල් ගොඩනැගිල්ලේ කථානායක නිල මැදිරියේ අගෞරවනීය ලෙස හැසිරුණු අයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
රිචර්ඩ් බර්නාඩ් නම් ඔහු FBI ආයතනයේ විමර්ශන වලින් අනතුරුව අත් අඩංගුවට ගැණින.
ඇමෙරිකානු FBI ආයතනය සිද්ධිය ට සම්බන්ධ තවත් අය සොයා ගැනීමට මහජන සහය පතා ඇත.