බයිඩ්න් ගේ ජනපති පදවිප්‍රාප්ති අවස්ථාව වර්ජනය කරන බව ට්‍රම්ප් කියයි

January 8, 2021 at 9:42 PM

ලබන 20දා පැවැත්වෙන ඇමෙරිකානු ජනපති පදවිප්‍රාප්ති අවස්ථාවට එක් නොවන බව ජනපති ට්‍ර්ම්ප් පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව දන්වා ඇත.

මේ අනුව ට්‍රම්ප් 1896න් පසු සිය අනුප්‍රාප්තිකයා ගේ පදවිප්‍රාප්තිය වර්ජනය කළ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා වනු ඇති.

පෙරේදා ඇමෙරිකානු කොංග්‍රසයේ රැස්වීමක් පැවැත්වෙන අතරවාරයේ එහි කඩාවැදුණු ට්‍රම්ප් හිතවාදීන් ඇතිකළ කැළඹිලිසහගත තත්වය සම්බන්ධයෙන් ට්‍රම්ප් පළකල ට්විටර් පණිවුඩ දෙකක් නිසා ඔහුගේ ගිණුම අක්‍රීය කෙරුණු නමුත් පසුව එය අද සක්‍රීය කෙරිණ.

ඉන් පසු වීඩියෝවක් එහි පලකරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ සුමට බල සංක්‍රාන්තියකට එකඟ බවයි.

මේ අතර 20 වැනිදා පැවැත්වෙන පදවිප්‍රාප්ති උත්සවයට සහභාගි වීම සඳහා ජෝ බයිඩ්න් , පත් වූ ජනපති දුම් රියෙන් ගමන් කිරීමට සැලසුම් කර ඇත.
ඔහු සිය ගම් ප්‍රදේශයේ සිට කොංග්‍රස් මණ්ඩලය රැස්වීම් සඳහා නිතර දුම් රියෙන් ආ ගිය අයෙකු එස ප්‍රකටය.