එදිරිසිංහ පවුල යලි CID අත්අඩංගුවට

January 8, 2021 at 5:13 PM

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් හි අධ්‍යක්ෂකවරුන් වන නාලක, අසංක, ජීවක සහ දීපා එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සාපරාධී අයථා පරිහරණය, ​​වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු වෙනත් චෝදනා සම්බන්ධයෙන් ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරනු ලබන නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබීම හේතුවෙන්.