වෛද්‍ය පාලිත අබේකෝන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස නම් කෙරේ

January 8, 2021 at 4:24 PM

කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ගිනිකොන දිග ආසියාවේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ලෝක
සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන පාලිත අබේකෝන් පත් කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom Ghebreyesus විසින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එය සනාථ කර තිබෙන අතර කොවිඩ් වසංගතය මැඩලීමේ සටනට සාදරයෙන් පිළිගන්නා බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය පාලිත අබේකෝන් ජිනීවා සහ දකුණු කැලිෆෝනියා හි පිහිටි විශ්ව විද්‍යාල වලින් පශ්චාත් උපාධි අධ්‍යාපනය හා පුහුණුව ලබා ඇති අතර මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශකවරයෙක් ද වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ නේපාලයේ මහජන සෞඛ්‍ය සම්බන්ධ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී එරට පළමු වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබූවේ වෛද්‍ය පාලිත අබේකෝන්ය.

ප්‍රජා සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශාල සේවයක් සිදුකර ඇති වෛද්‍ය පාලිත අබේකෝන් සම්මාන රැසකට හිමිකම් කියූ වෛද්‍යවරයෙකු ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙනවා.