නියමිත් මාත්‍රාවට ධම්මික පැණිය බිව් කෑගල්ලේ පවුලකට කොවිඩ්

January 8, 2021 at 12:43 PM

කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල සීමාවේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මාකුර මගුරුදෙණිය ප්‍රදේශයේ ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක ඊයේ ප්‍රකාශ කර සිටියා.

පෙරේදා කෑගල්ල මහ රෝහලේදී මෙම පවුලේ පුද්ගලයන් හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂ‍ණයේදී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ

නොමිලේ නිවසට පැමිණ ලබාදුන් ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බවයි එම නිවැසියන් සෞඛ්‍ය බලධාරීන් හමුවේ අනාවරණය කර ඇත්තේ.

(අරුණ පුවත්පත)