මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වලාන දූෂණ මර්දන කොට්ඨාසය මගින් ඊයේ අලූයම අතුරුගිරියේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා දොම්පේ පූගොඩ, අතුරුගිරිය, අවිස්සාවේල්ල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මගින් අතුරුගිරිය ප‍්‍රදේශයේදී මැන්ඩි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මෙම මත්ද්‍රව්‍ය තොග පිටින් බෙදා හරින බවයි.
ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ අලූයම අතුරුගිරිය ප‍්‍රදේශයේ කළ වැටලීමකදී සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා මැන්ඩි මත්ද්‍රව්‍යද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර නිලධාරියා සිය මෝටර් රථයේ දමාගෙන මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා යමින් සිටියදී මෙසේ පොලිසියට කොටුවී ඇත.
මෙම නිලධාරියා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.