රටවිරුවන් යලි ගෙන්වා ගන්න විදේශ සේවා එකේ තියෙන අරමුදලෙන් බිලියන 03ක් වියදම් කරන්න – මන්ත්‍රී හරින් කියයි (VIDEO)

January 7, 2021 at 10:56 PM

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව රුපියල් බිලියන 10 ක තැන්පතුවක් ඇති බවත් එයින් රුපියල් බිලියන 03ක් වැය කරන්නේ නම් විදෙස්ගතව සිටින ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් යලි මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව සමගී ජනබල වේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටිනවා.

විදේශ ගතවන සෑම ශ්‍රමිකයෙකුගෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සාමාජික මුදල් ලැබෙන බවත් යහපාලන ආණ්ඩුව සිය පාලන කාලය නිමා කරන විට එම කාර්යාංශ ගිණුමේ රුපියල් බිලියන 10 ක මුදලක් තිබු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මැදපෙරදිග සිට මෙරටට් ඒමට නොහැකිව සිටින අසරණ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද හඬ නගන බවත් මෙම ක්‍රියාවලිය තුල මාෆියාක් ක්‍රියාත්මක වන බව ඔවුන්ම ප්‍රකාශ කර තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මෙහිදී කියා සිටියා.

VIDEO :

https://fb.watch/2S-o_Y4Z_R/