දඹුල්ල ප්‍රදේශයේ පිහිටි තානායමේ කාමරයක් තුල මියගොස් සිටියදී ඊයේ හමුවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුකල PCR පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.
මිට දින දෙකකට පෙර දඹුල්ල ප්‍රදේශයේ පිහිටි තානායමේ කාමරයක් කුලියට ගෙන ඇති මෙම ව්‍යාපාරිකයා 40 හැවිරිදි වියේ පසුවූ අයෙකු වන අතර ඔහු කුමන කරුණක් හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයට පැමිණියා ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා කරුණු අනාවරණය වී නැහැ.
මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමගම එම පුද්ගලයා මියගොස් සිටි ස්ථානයේ ස්ථානීය පරික්ෂාවන් කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්, දඹුල්ල නගර සභාවේ සේවකයින් කිහිපදෙනෙකු, මල් ශාලාවේ සේවකයින්, දඹුල්ල රෝහලේ නිලධාරීන් සහ තානායමේ කාර්ය මණ්ඩලය වහාම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇත.