යුක්‍රේනයේ සිට තවත් 192ක් අද එයි.

January 7, 2021 at 8:00 AM

සංචාරකයින් සඳහා වන සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දුන් පසු ඊට අනුව යුක්‍රේනයේ තවත් සංචාරකයින් මෙරටට ගෙන්වන බව උදයංග වීරතුංග මහතා සඳහන් කළේය.

මීට අමතරව අදත් 192කු මෙරටට පැමිණීමට නියමිත අතර ඊයේ දිනයේ මෙරටට ආ දේශීය පිරිසද ඇතුළත්ව සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ .

මේ වනවිට මෙරටට ආ යුක්‍රේන සංචාරකයින් ගණන 640කි .

අවස්තා හතරකදී එම පිරිස මත්තල ගුවන්තොටුපලින් පැමිණි අතර ඉන් 21දෙනෙකු යලි සියරට බලා ගොස් ඇත.

සෙසු පිරිස තවමත් රැඳී සිටින නමුත් ඔවුන්ගේසංචාර කාලසටහන මේ වන තුරුම අවලංගු කරඇත්තේ පසුගියදා සිදුකළ යාල සහ මිරිස්ස අනාරක්ෂිත සංචාර හේතුවෙනි.