අසල්වැසියාට ප්‍රමුඛත්වය යන ඉන්දියාවේ ප්‍රතිපත්තිය මත ලංකාවට මෙම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉහළ සහයෝගයක් හිමිවූ බව විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.
අද ඉන්දීය විදේශ අමඅමාත්‍යවරයා සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාව කට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා සඳහන් කළේ ඉන්දීය කොවිඩ් මර්දන එන්නත පිලිබඳව ශ්‍රී ලංකාවේ අභිලාශය රැගත් පණිවුඩය තමා සියරටට ගෙන යන බවයි.
කොවිඩ් යනු අප දෙරටටම සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවන බවත් එය ආර්ථික හා සමාජමය ගැටලුවක් ද වන බව ඔහු පෙන්වා දුනි.
ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඔහු සිය එකඟතාව පළකළේය.
13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම ගැනත් දෙමළ ජනතාවගේ අයිතීන් නොබෙදුණු ලංකාවක් තුළ සුරැකෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.