යුක්රේන සංචාරකයින් නිසා අද සහ හෙට දේශීය සංචාරකයින්ට විවෘත නොවන සංචාරක කලාප

January 4, 2021 at 8:51 AM

පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් අද සහ හෙට දෙදින දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ඒ මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීම ඊට හේතුවයි. ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක‍්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 යන ස්ථාන දේශීය සංචාරකයන්ට විවෘත නොවන ස්ථාන කිහිපයක්.

ආලාභ පිරිවෙන් සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථානද අද පස්වරු 1.00න් පසු දේශීය සංචාරකයන්ට විවෘත වන්නේ නැහැ.

එමෙන්ම එම සංචාරකයන් ලබන 5 වනදා පෙරවරුවේ සීගිරිය සංචාරක කලාපය නැරඹීමට පැමිණෙන බැවින් එදින දහවල් 12.00 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොවන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ.