සංවර්ධන වැඩසටහනක් කියා කුරුණෑගල පෞරාණික මණ්ඩපයක් සහ විශාල ගස් 32ක් කපා උගුල්ලා දමයි (VIDEO)

January 3, 2021 at 9:38 AM

කුරුණෑගල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු විඩාව නිවා ගන්නට යන ස්ථාන අතර කුරුණෑගල නගර මැද තියෙන රජ පීල්ල උද්‍යානය ප්‍රධාන තැනක් ගන්නා අතර වසර සිය ගණනක් පැරණි රජ පීල්ල උද්‍යානයේ ඇති විශාල ගස් 32ක් කපා බිම දමා ඇත.

මෙම ඉපැරණි රජ පීල්ල උද්‍යානය අදියර 2ක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වන , උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීම පෞද්ගලික ආයතනයකට භාර දී තිබේ.

රජ පීල්ල උද්‍යානයේ ඇති ගස් 28 ක් ඉවත් කිරීමට පමණක් සලකුණු කර තිබුණ ද මේ වන විට ගස් 32 කට ආසන්න ප්‍රමාණයක් කපා උගුල්ලා අවසන් කර ඇත.

මේ අතර උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි පෞරාණික මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා තිබේ.