අත් පිරිසිදුකාරක දියර ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරේ

January 1, 2021 at 10:01 PM

අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, වෙළෙඳුන් අදාල අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

මෙලෙස ලියාපදිංචි කරනු ලබන සනීපාරක්ෂක ද්‍රව්‍යන් වල අදාළ අංකය පැහැදිලිව පෙනෙන අයුරින් සඳහන් කිරිම ලබන පෙබරවාරි මස 01 වෙනිදා සිට අනිවාර්ය කොට ඇත.