මන්ත්‍රී රන්ජන් ගේ සල්ලි දන්සැල : මුදල් අවශ්‍ය අයට අමතන්න දුරකථන අංකයත් ලබා දෙයි (VIDEO)

January 1, 2021 at 7:57 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක විසින් රුපියල් ලක්ෂ 40 ක මුදලක් ජනතාව අතර බෙදා දීමට සුදානම් බව දන්වමින් සිය යුටියුබ් නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිනපතා පාර්ලිමේන්තුවට පැමිණීමේ දී ලබා දෙන දීමනාව සහ මාසික දීමනාවන් ලබා නොගත් නිසා එය මහ භාණ්ඩාගාර ගිණුමේ තැන්පත් කොට තිබු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් තමන් කළ ඉල්ලීමක් අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව එම ලක්ෂ 40ක මුදල තමන්ට ලබාදුන් බව පැවසූ මන්ත්‍රීවරයා එය තමන් විසින් අවශ්‍යතාවයන් ඇති ජනතාව සොයා බලා ලබා දීමට තීරණය කළ බව කියා සිටියා.

ආර්ථික අපහසුකම් වලින් පෙළෙන කලාකරුවන් සහ රට විරුවන්ට ප්‍රමුඛ තැනක් මෙහිදී ලබා දෙන බව පැවසූ රන්ජන් රාමණායක මන්ත්‍රීවරයා වීඩියෝ වේ සඳහන් සිය සම්බන්ධිකරණ ලේකම්වරයා හරහා මුදල් අවශ්‍යතාවය ඇති අයට ඉල්ලුම් කළ හැකි බවද කියා සිටියා.