CIMA කරපු මම උදේ 9 ඉදන් රෑ 12 වෙනකම් ටැක්සි පැද්දා : ජනප්‍රිය යුටියුබ් තරුව නොකී කතාවක් හෙළි කරයි (VIDEO)

January 1, 2021 at 2:37 PM

නිසි අධ්‍යාපනයක් නොලබා සමාජ මාධ්‍ය නාළිකා ඇරඹීම සුදුසු නොවන බවත් නිසි අධ්‍යාපනයක් ලැබීම මගින් එය තමන්ගේ ජිවිතයේ මෙන්ම සමාජ මාධ්‍ය නාලිකාවක් පවත්වාගෙන යාමේදී බෙහෙවින් ඉවහල් වන බව ජනප්‍රිය යුටියුබ් තරුවක් වන රතිදු සේනාරත්න පවසනවා.

යුටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ ජනප්‍රිය නාලිකාවක් වන “රැට්ටා” නාලිකාව ඇරඹුම සහ එහිදී තමන්ගේ ජිවිතයේ මුහුණ දුන් අපුරු සිදුවීමක් රතිදු, Hari TV නාලිකාවේ ස්ටෑන්ඩ් විත් ලහිරු වැඩසටහන සමග බෙදා හදා ගනු ලැබුවා.

CIMA පාඨමාලාව හදාරා වෘත්තිමය වශයෙන් ඉහළ ස්ථානයක සිටි තමන් මාස කිහිපයක් උදෑසන 9 සිට රාත්‍රී 12 දක්වා කුලී රථ පදවන්නෙකු ලෙස කටයුතු කළ බව රතිදු සේනාරත්න පවසා සිටියා.

මේ රතිදු සේනාරත්න ගේ ජිවිත කථාවයි.