රියදුරු බලපත් මුද්‍රණය අද සිට යුද හමුදා භාරයට

January 1, 2021 at 7:41 AM

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු මේ වසරේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාරදී ඇති බව ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සියලූ රියැදුරු බලපත් මුද්‍රණ කටයුතු අද (01) සිට ශ‍්‍රී ලංකා යුද හමුදාව මගින් සිදුකරනු ඇත. රියැදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගිනි.