අද තවත් ගම සමග පිලිසඳරක් ජනපති ප්‍රධානත්වයෙන් පැවැති අතර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතා ගැටලු වලට එහිදී පිලියම් ලැබිණ .
ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ගම්බිම් හැරයාම නිසා ගම්මුන් සියලුදෙනාට පාරම්පරික වාස භූමි අහිමිවීම ප්‍රධාන ගැටලුවකි.
එබැවින් කැලෑ බවට පත් වූ වගාබිම් වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල මැණුම්වලදී රක්ෂිත ලෙස සලකුණු කිරීමෙන් ජනතාව වගා කටයුතුවලදී දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව එහිදී හෙලිවිය.
රජයේ සහ තමාගේ ප්‍රතිපත්තිය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවයදීම බව සඳහන් කළ ජනපතිවරයා, කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවගේ දෛනික වගා කටයුතුවලට බාධා නොකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දේශපාලන අධිකාරියේ පූර්ණ සහය ඔවුන් ට හිමිවිය යුතු බවද රාජපක්ෂ මහතා පැවසීය.
2012 වසරෙන් පසු Google සිතියමට අනුව රක්ෂිත මායිම් සලකුණු කිරීමේ දී
අවශේෂ කැලෑ ලෙස හඳුනාගෙන ඇති ස්ථාන වහාම නිවැරදි ලෙස ජනතාවට වගා කටයුතු සඳහා දීමට තීරණය කෙරිණ.
2019 වසරට වඩා 2020 වසරේ ඉහළ කිරි නිෂ්පාදනයක් අත්කර ගැනීමට ගොවීහු සමත්ව ඇති අතර කිරි ගොවීන් මුහුණ පාන ප්‍රධාන ගැටලුව තෘණ බිම් නොමැතිවීම බවටද හඳුනා ගැණින.
එබැවින් කිරිගව පාලනය නගා සිටුවීමට තෘණ බිම් සැකසීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
රක්ෂිත අවට බිම්වල තණකෑමට ඇතුල්වීමට ගවයන්ට ඉඩ හරින ලෙස උපදෙස් දෙනු ලැබීය.