බස්නාහිර සීමාවේ ඇන්ටිජන් පරීක්ෂණ නිසා හමුවූ ආසාදිත සිසුවා ගෙන් පසු හෙළිවූ දකුණු කළුතර පොලීසියේ කොවිඩ් ව්‍යාප්තිය .

December 25, 2020 at 3:06 PM

 

බස්නාහිර පළාත් සීමාවේ බෙන්තර දී  සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ද ඇන්ටිජන්  පරීක්ෂාවට යොමු කෙරිණ.

සිසුවාගේ පියාද ඇතුළුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව  ඒ අනුව හෙළි විය.

මේ අනුව  ක්ළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු සියලු නිලධාරීන් අද  PCRපරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.