මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෙරට ඉදිවන ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත කෙරුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මන්නාරම ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම සුළං විදුලි බලාගාර උද්‍යානය ”තම්බපවනි” ලෙස නම්කර තිබෙනවා.
මෙහි සුළං ටර්බයින් 30ක් ඉදිකර ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 107 ක වියදමින් ඉදි කෙරුණු මෙම සුළං බලාගාරය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරයක් වනවා.
මෙම ව්‍යාපෘතිය මගින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව මෙගා වෝට් 30ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ලබනවා.