අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් පවසනවා. විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත්, එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.
අමාත්‍ය ජී. එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ ජූලි මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
2021 මාර්තු මාසයේදී විභාග පැවැත්වීම සඳහා සුදුසු දින 09 ක කාලයක් පිළිබඳව තීරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසා සිටියා.
අමාත්‍ය ජි,එල්. පීරිස් පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ සිසුන් 621,000 ක් විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ඇති බවත්, සාමාන්‍ය පෙළ විභාග 2021 ජනවාරි 18 සිට 27 දක්වා වන පෙර සැලසුම් කළ කාලයේදී සිදුනොකරන බවයි.
මේ අතර, මෑතකදී පැවැත්වූ අ.පො.ස. උසස් පෙළ විභාගවල ප්‍රථිපල මාස හතරකින් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා සිටියා.
විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගවල පිළිතුරු පිටපත් සලකුණු කිරීම ආරම්භ කර ඇති අතර 2021 මාර්තු වන විට ප්‍රථිපල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.