පාසලට සිසුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව යටතේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලබන වසර සඳහා පාසලේ පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කිරීමට රුපියල් 150,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අද පෙරවරුවේ එම පාසලේ ක්‍රීඩාංගනය තුලදී අදාළ විදුහල්පතිවරිය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
ඇය අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.