සිය ගෙවත්තට පැමිණි නාගයෙකු අල්ලා ගෙන කැලයට මුදා හැරීමට තැත් කළ පුද්ගලයෙකුට එම නාගයා දෂ්ඨ කිරීම හේතුවෙන් මියගොස් ඇති බව වැල්වැටිතුරේ පොලිසිය පවසනවා.
කෙසේ වුවත් වැල්වැටිතුරෙයි ප්‍රදේශවාසින් සඳහන් කරන්නේ මෙම පුද්ගලයා පසුගිය 29 වැනිදා රාත්‍රියේ බීමතින් සිටි මෙම පුද්ගලයා ගෙවත්තට පැමිණි නාගයා අල්ලා ගෙන ඇති බවයි. පසුව අදාළ පුද්ගලයා නාගයා අල්ලා ගෙන ඔහුට හාදුදීමට හා තවත් ක්‍රියාකාරකම් රැසක් සිදුකිරීමට ගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා නාගයා අල්ලා ගෙන විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් අනතුරුව නාගයා කැළැවට විසිකොට නිදා ගැනීමට ගොස් ඇති අතර, අදාළ අවස්ථාවේ ශරීරයේ වේදනාවක් හටගැනීමෙන් අනතුරුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කර සිටින්නේ.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නයා දෂ්ඨ කිරීමෙන් ඇතිවූ නයි විෂ හේතුවෙන් මරණය සිදුව ඇති බවට අනාවරණය වි ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරේ පොලිසියෙන් විමසු අවස්ථාවේදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෙවත්තට පැමිණි නාගයෙකු අල්ලා විසි කිරීමට ගිය පුද්ගලයෙකුට එම නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි.