මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය ගණන 09ක් වෙයි : තුවාල ලැබූ 38 දෙනෙකුට කොරෝනා

December 1, 2020 at 11:04 AM

මහර බන්ධනාගරයේ ඇතිවූ කැරැල්ලෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාගම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා පවසනවා.

ගැටුමෙන් තුවාල ලබා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

තුවාල ලබා රෝහල් ගත කළ රැඳවියන් 52 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකළ බවත් ඉන් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගනු ලැබූ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේ මහර බන්ධනාගාරයේ ඇතිවූ උණුසම් තත්ත්වයෙන් බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු ඇතුළු 109 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.