හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු සමයං ගේ ගෝලයෙකු වන චතුරංග විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ “රිවර්ස්” නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිනීමට යොදා ඇති බවට කලකට පෙර බුද්ධි විසින් අනාවරණය කර ගෙන තිබු බවත් බන්ධනාගාරය තුල මෙවැනි කලහකාරී සිදුවීම් ඇතිවීමට එය හේතුවක් බව අමාත්‍ය විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියා.
මෙම මත් පෙත්ත වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිපදෙනෙකුට මුලින්ම චතුරංග යන අය විසින් ලබාදී ඇති බවත් එම පෙත්ත භාවිතා කිරීමෙන් පසු ඔවුන්ට “ලේ දැකීමට” අවශ්‍ය වන බවත් සිද්ධිය ගැන තොරතුරු අනාවරණය වීමෙන් පසු චතුරංග ඇතුළු ඊට සම්බන්ධ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකොට යැවීමට බලධාරීන් පියවර ගනු ලැබූ බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
තමන් මෙම සිදුවීම ගැන සම්පුර්ණ දැනුවත් භාවයෙන් සිටින බැවින් පාර්ලිමේන්තුවේදී මෙම අදහස් ප්‍රකාශ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ඊයේ මහර බන්ධනාගාරය තුල ඇතිවූ සිද්ධිය මගින් ජනාධිපතිවරයාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක් කිරීමට කිසියම් පිරිසක් දරන උත්සහයක එක් කොටසක් බව ද කියා සිටියා.