විදේශ රටකදී ලාංකිකයෙකු සිදුකරනු ලබන වැරදි සඳහා මෙරටදී නිතිය ක්‍රියාත්මක කළ හැකි

November 29, 2020 at 12:48 PM

විදේශ රටකදී ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් මෙරටදී නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ 2006 වසරේදී දණ්ඩ නීති සංග්‍රහය අනුව සිදුකළ සංශෝධනයක් අනුව විදේශ රටකදී සිදුකරනු ලබන ක්‍රියාවක් ලංකාවේ නිතිය අනුව වැරැද්දක් නම් ඔහුට හෝ ඇයට එරෙහිව මෙරටදී නිතිය ක්‍රියාත්මක කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

අද උදෑසන පෞද්ගලික රූපවාහිනී ආයතනයක වැඩසටහනකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ 16 හැවිරිදි ජාතික ජපන් තරුණිය සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අදහස් සහ මාධ්‍ය විසින් පළකර ඇති පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

” ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රඥ්ප්තියට ශ්‍රී ලංකාව 1982 වසරේදී සම්මුතිගත වෙලා තිබෙනවා. මේ පුද්ගලයා මෙම තරුණිය සමග ලංකාවේ ලියාපදිංචි ගුවන් යානයකට ඇතුල්වෙලා තිබෙනවා. ලංකාවේ නිතිය අනුව ඒ තරුණියට වයස අවුරුදු 16ක් සම්පුර්ණ නැති නිසා එය අපහරණයක් ලෙස සලකනු ලබනවා. ඒ අනුවයි මේ විදිහට ලංකාවේ නිතිය අනුව කටයුතු සිදුකර තිබෙන්නේ.

සමාජ මාධ්‍යවල තිබෙන දේවල් අනුව අපට කටයුතු කරන්න බැහැ. අපි හැම විටම කටයුතු කරන්නේ ළමුන්ගේ ආරක්ෂාව පෙරටුව තබා ගෙනයි. වයස අවුරුදු 18කට අඩු නිසා මේ තැනැත්තිය දරුවෙක් ලෙසට සලකනු ලබනවා. ඒ අනුවයි නීතිමය කටයුතු ක්‍රියාත්මක සිදුවන්නේ.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.