මින් පෙර කොවිඩ් ආසාදිතයෙකු වී සිටි නිසා අෆ්රිඩිට LPL තරගාවලියෙන් ලද සහනය

November 27, 2020 at 5:09 PM

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැත්වෙන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු තරගයට ක්‍රීඩා කිරිමට හිටපු පාකිස්ථාන ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට අවස්ථාව හිමිව තිබෙනවා.

ගුවන් යානය මග හැරීම හේතුවෙන් අෆ්රිඩි මෙරටට පැමිණියේ පෙරේදා දිනයේදීය.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට පෙර දින 07ක නිරෝධායනය වීමක් අනිවාර්ය වුවත් විශේෂ කරුණු කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අෆ්රිඩි හට තරගාවලියට ක්‍රීඩා කිරිම සඳහා අවසර ලබාදීමට තරගාවලියේ සෞඛ්‍ය උපදේශක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ ඔහු මිට පෙර කොවිඩ් ආසාදිතයෙක්වී සිට සුවය ලබා තිබීම, වත්මන් PCR වාර්තා සහ ප්‍රතිදේහ ජනක පරීක්ෂණ මගින් ඔහු කොවිඩ් “ආසාදිතයෙකු නොවිම” හේතුවෙන්ය.

හම්බන්තොට දී අද පැවැත්වෙන තරගයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ෂහිඩ් අෆ්රිඩි ද ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම තිසර පෙරේරා විසින් මෙහෙයවීමට නියමිතව ඇත.