වසරකට කාලේ මත්පැන් බෝතල් කෝටි 07ක් පරිසරයට මුදා හැරෙනවා : මත්පැන් නිෂ්පාදන සමාගම් වලට ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

November 25, 2020 at 7:49 AM

මත්පැන් කාලේ බෝතල් වසරකට මිලියන 70කට (කෝටි 7) ආසන්න ප්‍රමාණයක් මත්පැන් ලෝලීන් විසින් පරිසරයට මුදාහරින බව මධ්‍යම පරිසර අධිකාරිය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙමගින් පරිසරයට දැඩි හානි සිදුවෙන බවට හඳුනාගෙන ඇත. මෙලෙස මත්පැන් බෝතල් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනු ලබන්නේ එක් මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් පමණක් වන අතර තවත් එවැනිම කර්මාන්තශාලා කිහිපයක්ම ක්‍රියාත්මකව පවතී.

ඒ අනුව මත්පැන් බෝතල් යළි එකතු කිරීමේ වැඩපිළිවෙළ මාස 6ක් ඇතුළත සකසන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවන් වෙත දැනුම් දී තිබෙන බව ඇමැති මහින්ද අමරවීර කියයි. එය එසේ කිරීමට ආපොහොසත් වුවහොත් ලබන වසරේ සිට මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා කියා සිටීනවා.

එළැඹෙන ජනවාරියේ සිට මාස 06ක් ඇතුළත මෙම මත්පැන් කාලේ බෝතල් සම්බන්ධව විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදනාගාර හිමියන්ට දැනුම් දී ඇත. එසේ ක්‍රියා කිරීමට කටයුතු නොකළහොත් අනිවාර්යයෙන්ම මත්පැන් කාලේ බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කර සිටින්නේ.